ගිරිකුල මුදුනේgirikula mudhunee

Girikula Mudune

Music:
අමරදේව W Damaradheewa w d
Lyrics:
එදිරිවීර සරත්චන්ද්‍රedhiriwiira sarathchandhra

Lyrics

ගිරිකුල මුදුනේ හිඳ පාමුල වැඳ
වැටී සිටින වැසි දන දෙස බලමින්
දසරජ දම්මා කෙලෙස රකින්නද
පෙම්බර දේවිය ඔබ හා මම වෙමු
අප වැසියන් ගේ මව්පිය දෙදෙනා…
ඔබ කුසහොත් අප දරු දෙදෙනා සේ
වැසියොද වෙති අප දෙදෙනගෙ දරුවෝ…

උන්ගේ සිත් තුල ඇති දුක දැකලා
මිස කෙලෙසද උන් සෙත සලසන්නේ
උන්ගේ අයැදීමට කන්දී මිස
කෙලෙසද දෝහල පසිඳාලන්නේ
දරුවන් සේ උන් ඇකයට ගෙනමුත්
කෙලෙසද සනසන්නේ වැළපෙන විට
පෙම්බර දේවිය ඔබ හා මම වෙමු
අප වැසියන්ගේ මව්පිය දෙදෙනා…

ගුණ යුත් සමිඳුනි ඔබ පවසන මේ
උදාර සිතුවිලි ඇසූ කෙනෙහි මා
පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියේ හද
මේසා නැණසර වදන් අමාවන්
ඇසු විරුවෝ වෙන ඇත්ද මෙදිය කුස
ඔබ වැනි නිරිඳුන් මෙත් කුලූනින් යුත්
රුපු විරුවෝ වෙන සිටිත්ද මෙලොවේ
මුදුනින් පිලිගන්නෙම් ඔබ කීවා…

දසරජ දහමේ නිවැරදි පදරුත්
පහදා දෙනු ලෝසත වෙත මෙත පා...////

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.