ගිරවෙකු පිට නැගgiraweku pita naega

Giraweku Pita Nega

Lyrics:
විකුම්ප්‍රිය පෙරේරාwikumpriya pereeraa

Lyrics

ගිරවෙකු පිට නැග
උක්දඬු දුන්නෙන්//
මී මැසි රෑනෙන්
විද හෙලුවා///

පියුම් සර වැදී උමතුවී
සරෙන් හෝපලු තැවි තැවී
ඉසුරු කෙලෙසද භාවනාවේ
නැගෙන සිතුවිලි අනුහසින්
පාර්වතීය මල් පුදන්නේ

මී අඹෙන් විද වියළුවා
දෑ සමන් විද නොසැලුනා
නිලුපුලෙන් ඈත මුලාවී
ඉසුරු කෙලෙසද භාවනාවේ
දවනු මිස ඔහු නලලැසින්

ගිරවෙකු පිට නැග
උක්දඬු දුන්නෙන්//
මී මැසි රෑනෙන්
විද හෙලුවා///

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.