ගින්න මිහිමත හිර කරන්ginna mihimatha hira karan

Ginna Mihimatha Hira Karan

Lyrics

(ගින්න මිහිමත හිර කරන් 
පොළොව මීදුම දෙන තරම්
දන්නවද මගෙ රත්තරං 
සුසුම් හිත රිදවන තරම්...//)

පින්න දෙපයට යට කරන් 
ඉන්න තුරු හිස මල් දරන් 
දන්නවද මගෙ රත්තරං 
කඳුළු හංගන හැටි හොරෙන්

අහස් ගැබ තරු ඇස් ඇරන්
ඉන්නේ මුළු රෑ නිදි වරන් 
දන්නවද ඔබ රත්තරන් 
ඔබව මට සිහිවෙන තරම්

යන්න දී ඈතට මගෙන්
ඉන්න හැටි හිත තද කරන්
දන්නෙ නෑ ඔබ රත්තරං
ආදරේ විඳවන තරං

ගින්න මිහිමත හිර කරන්....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.