ගිනියම් හිත්giniyam hith

Giniyam Hith

Music:
දිලූ බීට්ස්dhiluu biits

Lyrics

වැලද ගත්ත ඉපදෙනකොට නැති බැරිකම ගොඩක්
කෙලව ගත්ත හැමතැනකම තිබ්බ උඩින් නම මගෙ
කොපි කරේ නෑ කවුරුත් උබ වෙනයී මම..
සමකරන්න පිස්සුද උබලට මම..
(හේ හේ උබ වෙනයී මම.. 
 සම කරන්න පිස්සුද උබලට මම..)

හැමෝම කරන්නේ රගපෑමක් අවස්තාව අනුව
ඔවු මම වරේ මගේ එන තුරු මග බැලුව
ඉවසුව ගොඩක් දෙන්නා මගේ වෙලාව අනුව
මතක් වෙන්න ගෙඩක් උන්ට මාව මග හැලුව

දියුනුවේ මග පොඩී කාලේ ගෑව දන.. (ඒත්)
පිලිගත්තා මම ඇගේ සුන්දර අන.. 
ලෝකේ දෙවිවරු වගේ මුල් ගුරු වරු උන..
 අම්මා තමයි පන ගොඩක් අත පසු උන..

මේක මගේ තැන මුල ඉදන් පැල උන..
එකට ඉදල යටින් කපන උන්ව අදුර ගත්තා මම.. 
පිනි ජම්බු නැති කාලේ මේක අබ වරේ..
මල් සින්දු හැලිලා කොල්ලෝ අතර රැප රජ උන..
(මචන්) 

දුන්නා පොලු පාර මගේ කැරකෙන තනුවට.. 
කොල්ලෝ ගත්තා මට හූ කිවුව නරි වෙනුවට..
ගිය කෑල්ල දැකලා මාව තාම හොටු පෙරුවට..
ඕල් මතක Delete කරා උබ මගෙන් යන කොට..

ආදරය Zoom එකක් 
මම Data කාඩ් එකක්..
කෙල්ල කියන වයීරස් එකේ 
මම වෙන්නම් Marks එකක්..

කාලේ කාපු watch එක .. 
ඇතෑරුනු catch එක..
මිස් උනේ match එක..
ලිස්සනවා බන් pitch එක..

හොද උන ලොකු උන බොරු ආදර කැස්ස මගේ..
ලක් එකේ අඩිය අගලටම බැස්සා..
අහිංසක කෙල්ලො යන්නෙපා දැක්කම ගස්සා..
ජරා කෙල්ලෝ ගැන කිවුවේ මම උන නිසා පිස්සා..
(වගේ)

ජීවිතේ ලොකුවට පැරදුන තැන..
ගොඩක් කෙටි වගේ ජල බින්දු රැදි අග තන..
දින දින දියුනුවටම යන ගොන්කම..
සමහරු කිවුවා වටිනව පස්සේ ආපු අන..

අතට ගත්තා දේ කටට දාගන්න බැරි හැත්ත..
කියවන කොට අහන් ඉන්න බැරි ඒව තමයී ඇත්ත..
පොත්ත සුදු උබගේ ඇතුල කලු නැද්ද අඩෝ.. 
ගුරු තුබස් අතර කලු මැනික් කැතද

අල්ලන්න එපා ලොකු අතු ඒවගේ මැද කුන..
වගෙ ගත්ත ගමන් පෙත්ත උබේ බහිනවද උන..
මං අවන්ක වෙලා ලොකුවට කෙල උන..
උබට තේරෙන් නැති මගේ ආදරේ වගෙයි චීන උණ..

[දැන් උබට මන් මේක කපපු එක අව්ල්ද,
 යකො උබත් ඇඳන් ඉන්නෙ ඩෙනිමක්,
 මාත් ඇඳන් ඉන්නෙ ඩෙනිමක්,
 මිනිස්සුයි බන් අඳුම් හදන්නේ,
 ඇඳුම් මිනිස්සුන්ව හදන් නෑ]

[2nd Verse - Vky]

 ජිවිතේ වරද ගත්තා මම වැටුනේ අයිත් බිමටම..
 අත දෙන්න කවුරුත් නෑ මගේ තනියට..
 වැරදුනු තැන් ජීවිතේ අයිත් හදාගෙන..
 නැගිටින් හදන්නේ මම ලෝකෙත් හොල්ලගෙන..

(වලකපන්න මගේ පුරෝලා හිටියට,
 කාලය විසදයි කවුද යන්නේ දිගටම..)

උදේපාන්දර නැගිටින්නේ වලාකුලු මැද්දෙන්..
මට මාවත් අදුනගන්න බැරි හැත්තෙන්..
සිතුවිලි පොර බදි යන්න එක පැත්තක්..
මනෝලෝකේ ජීවත්වෙන මම අහසේ තරුවක්..

සතුට හීනයක් දුකනම් හැබෑවක්..
කකුලෙන් ඇදපු උන්ට බුදුසරණයි ආයෙත්..
වටේ පිටේ ඉන්න උන් කටින් වෙන්නේ බෝසත්..
මම මැරුණදාට ඉන්නේ මමයි මගේ සොහොනයි..

එකට ඉදලා පුකට කොටන ඇවුන්ට කියන්නේ..
silent එකේ ඉන්නේ බයකට නෙවෙයි අනේ..
හතුරො කවුද මිතුරෝ කවුද අදුනගන්න බැරි තාක්..
උබලට වරදී දවසක රිදෙයි උබලා කාටත්..

[3rd verse - Shaggy]

පිනි වැස්සට නිවන්න බෑ ගිනියම් උනු හිත..
හෙට කදුලින් අස්වද්දයි මරු කත..
සල්ලි කොල ලගදි නැවෙන නිරුවත..
ගලවන උන් රාගයෙන් වෙලාගෙන වත..

කෙට්ටු වැඩි නිසා පාරේ යද්දි කිව්වා පන් කොල..
කිසිකමකට නැති පරිනත හිත්වල..
රන්සමනලයෝ කෑවත් දලබුවා කෑවේ පන් කොල..
බඩගිනි උනු සිංහයා කෑවද බිම අල..

ටික ටික කැරකෙන මේක තනි ලෝකයක්..
බොරුවට රැවටුනු ආදරේ පණු රෝගයක්..
සැකයයි, නිතරම හිත යට භීතියක්..
Boot කාලා නැලවුනු රැප එක යාගයක්..

ලොකු උනත් ලොකුවට නැතිබැරිකම..
හැකියාව යවයි උඩටම මුලින් තිබ්බ නම..
අපි කරන්නේ බොරුනම් මේකේ නිතරම..
ඇයි හොයන්නේ බොරු සතුටක් විතරම..

U TASS Productions

(කලුවලාවේ රිදි රේකා..
 වචනය සුදු සිතුවිලි කලු..)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.