ගිණි මලක් පිපුනාය දොරකඩgini malak pipunaaya dhorakada

Gini Malak Pipunaya Dorakada

Music:
ලලිත් වික්‍රමlalith wikrama
Lyrics:
කීර්ති ආරියදාසkiirthi aariyadhaasa

Lyrics

ගිණි මලක් පිපුනාය දොරකඩ
වරක් නොව තව වතාවක්
සඳක් සේ දිළිසුනා පුරපස
පිපුණි දොරකඩ රන් මලක් //

මදහසක් දිළිසීය මුව අග
නිමේෂයකට අඩ ඉමක් ඇඳ
නමුදු ඒ හස කඩා කඩඉම්
ගෙන ගියා අප අනන්තය වෙත
ගෙන ගියා අප අනන්තය වෙත

ගිණි මලක්....

දුටිමු අප ඇගෙ ඇසි පියන් යට
දෙසිත් කැළඹු නිල් උපුල් යුග
දැවි දැවී සැනසුනා අප සිත්
තැබී ඈ තව පියවරක් දුර
තැබී ඈ තව පියවරක් දුර

ගිණි මලක්.... //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.