Lyrics
ගිනිගෙන දැවෙනා
පෙම් අපි නිවනා
මගෙ සන්තකයේ ඇති
හැම වස්තුව රවටා ගත්තෙ ඔයා
මායම්කාරී
හිත් රවටවනා
ඔබගේ පව්කම් කෙලවර වන්නේ
මගේ දිවි තොර කරලා
ලියවූ අතීත කතාව අපගේ
හිස්තැන් අතරින් ඔබ වෙන්වූයේ
විඳවනා තරම මමමයි දන්නේ
යලි නොයෙනා ඔබගේ
බොරු සෙනෙහේ
සිත් බිඳලා දුක් විඳලා
පෙම් කලෙ ඔබ වෙනුවෙන්ම මිස
මං ගැනවත් නොසිතාලා
මං කල දේවල් අද මදිද
වෙනවා විඳවන්නට ඔබට
ජීවිත කාලය අතරතුර
මතක් උනොත් මා ආයේ එන්නෙපා
භාරගන්නෙ නෑ පව් කන්ද
ලියවූ අතීත කතාව අපගේ...
අප එක්වූ
මුල් දිනයේ දිවුරා කී හැම මතක ඇත
මාව මුලාකර දමා ගිය ඔබට
කිසිදා පව් පිරුණේ නැතිද
වෙනවා විඳවන්නට ඔබට
ජීවිත කාලය අතරතුර
මතක් උනොත් මා ආයේ එන්නෙපා
භාරගන්නෙ නෑ පව් කන්ද
ගිනිගෙන දැවෙනා...
ලියවූ අතීත කතාව අපගේ...//