ගිම්හාන වර්ෂාgimhaana warshaa

Gimhana Warsha (Miyulasi)

Music:
ෂෙහාන් කෞශල්‍යshehaan kaushalya
Lyrics:
හසිත් ගුණසේකරhasith gunaseekara

Lyrics

මියුලැසී මුදු මියුලැසී මාවතේ තනි වූ
ජීවිතේ සැඩ මාරුතේ ආදරේ සොයපු
ගිම්හාන මල් වරුසාවේ ආදරේ නුඹ ගෙන ආවේ
ගිම්හාන මල් වරුසාවේ ආදරේ සුව දැනුනාවේ.....

නිම් නැතේ සිහිනේ ගිලී ආදරේ නිම්හිම් සොයා
සියුමැලි රතු තොල් පෙති හාදු වැස්සක් ගෙනා
ගිම්හාන මල් වරුසාවේ ආදරේ නුඹ ගෙන ආවේ
ගිම්හාන මල් වරුසාවේ ආදරේ සුව දැනුනාවේ.....

මියුලැසී මුදු......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.