ගෙවුණු අතීතය gewunu athiithaya

Gewunu Atheethaya

Lyrics

ගෙවුණු අතීතය මතකෙට එන්නට කටයුතු කරන්නෙපා 
මිහිරි වදන් හෝ දුක් දෙන කඳුලක් මින්පසු ඔබෙන් එපා 
දැවුණු තරම් හද හැඩුවා අනන්තයි 
පෙම් කල ඔබම නිසා 
	
දැනුනු තරම් ඔබ මගේ කියා
ඔබහට නෑ දැනුනේ...//
සිතුනු තරම් අපි ඉදිමු කියා 
එක වහලක් සෙවනේ

මිහිරි වදන් පෙම් හසුන් ලියා
ඔබමයි මට දුන්නේ..//
ඒ පෙම් හසුනට හඬමි කියා
ඔබ නෑ මට ලැබුනේ 

ගෙවුණු අතීතය .../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.