ගෙවෙන දිනයක්gewena dhinayak

Gewena Dinayak

Music:
රුක්ෂාන් අක්මීමනrukshaan akmiimana
Lyrics:
සජිත් අක්මීමණsajith akmiimana

Lyrics

ගෙවෙන දිනයක්..සෑම මොහොතක්..
ඔබ නිසා මං හඬනවා..
සිහින විමනක්..කඳුලු අහුරක්..
වෙලා ගෙන සිත රිදෙනවා..
මං සදා.. ඔබ කරා.. - හදේ සෙනෙහස පුදනවා..
හිත වටා.. ගිය ඔයා.. - යන්නෙ කොහොමද මා දමා...

සොඳුරුම හිත මත්තේ මා..
කුලුඳුල් ප්‍රේමය වින්ඳා..
අපි අපේ.. හිත වටා..
බැඳි බැඳී.. උන් නිසා..
යනු කෙසේ.. වෙන් වෙලා..
මගෙ හදේ.. දුක තියා...

ඉවසනු බැරි මොහොතේ මා..
අපගෙම අතීතෙ වින්දා..
ඔබ මගේ.. ලොව දමා..
දින දිනේ.. යන නිසා..
ඉන්න බෑ.. මට මෙසේ..
හද කොනේ.. දුක දරා..

ගෙවෙන දිනයක්.../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.