ගැස්සෙන ඔය නාරීgaessena oya naarii

Gessena Oya Naari

Music:
රංග බදනාරච්චිranga badhanaarachchi
Lyrics:
එරංග මදුශංකeranga madhushanka

Lyrics

දෙනෙත් පාවි යනහැටි හිතක් ගාව නැවතිලා
ලඟ නැවතේවී මගේ සිතම කිතිකවා
දිනක් ඒවි වැඩිකල් යන්න නොදී ගතවෙලා
ආසම හීනේ පාට තවරලා
දිලිසෙන වර⁣ලස ආයෙ ගස්සලා ඔයා
එබුනා රහස්කියා කනට ටිකක් ලංවෙලා
(ගැස්සෙන ඔය නාරී
ගමනට හිත යාවී
කවද්ද මා තේරී
එන්නේ මාගේමයි කියා//

ඇස් ලග ඔබ තියලා බලන් ඉන්න ආසයි මා
ඇස් පියවෙන ගානේ ඇදෙනා සිතුවම ඔයා
වැස්සට තෙමි තෙමි අපි දෙන්නා යමුද වන්දනා
පස් යට නිදන් කරමු හිත රිද්දන වේදනා
හීනේ මාගේ ආදරේට පන පොවා
යමු අපි ආයේ තරු ගනින්න ලංවෙලා
(ගැස්සෙන ඔය නාරී
ගමනට හිත යාවී
කවද්ද මා තේරී
එන්නේ මාගේමයි කියා)//

ඉඟසුඟ පද්දවද්දි කැලඹෙන මේ හිත ඔයා
මට ඇවිටිලි කරමින් මා ලඟ හුරතල් වුනා
ඇවිදින් රැල්ල ගියා වෙරලෙ හාදුවක් තියා
මේ පෙම විශාලයිනෙ සාඟර පතුලට වඩා
හීනේ මාගේ ආදරේට පන පොවා
යමු අපි ආයේ තරු ගනින්න ලංවෙලා
(ගැස්සෙන ඔය නාරී
ගමනට හිත යාවී
කවද්ද මා තේරී
එන්නේ මාගේමයි කියා)//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.