Lyrics
දියවන්නාවේ බක බක ගානා ගෙම්බො ගොඩයි
කන බොන ඉඳුම් හිටුම් නැති දුප්පත් ගෙම්බො රැලයි
ඒ දුප්පත් ගෙම්බන් සූරන් කන පොලිටික් ගෙම්බොයි
උන් නිල් පාටයි – සමහරු කොල පාටයි
මොන පාටින් හිටියත් අනුන්ව සූරන් කයි
දියවන්නාවේ බක බක ගානා ගෙම්බො ගොඩයි
වැස්සටවත් පාසලක් දැක්කෙ නැති මැටි ගෙම්බොයි
නිල් පාටින් දුටු ගෙම්බන් හෙට වෙනකොට කොල පාටයි
මූන ලොකුයි – අලි බඩ ගෙඩියයි
කිසි වැඩකට නැති මුන් බොරුවෙන් ජීවත් වෙයි
දිය වන්නාවේ බක බක ගානා ගෙම්බො ගොඩයි
දියවන්නාවේ බක බක ගානා ගෙම්බො ගොඩයි
බලයෙන් මත්වී නීතිය අත ගත් ඉස්ගෙඩියොයි
පොලිටික් ගෙම්බන්ගේ පස්සෙන් යන කලා ලොවේ ගෙම්බොයි
උන් සිංදු හදයි පැන පැන කඩේම යයි
මොන දේවල් කෙරුවත් අකුසල් පස්සෙන් එයි
සූරන් කන උන් ඌරන් වන බව දහමේ ලියැවී යයි
ලෙඩ දුක් හැදිලා පිස්සන් වීලා කල කම් පව් පලදෙයි
ඇස් පනාපිටම දිට්ඨ දම්ම වේදනීය කරුමය වෙයි
දියවන්නාවේ හොඳ වැඩ කරනා ගෙම්බො ටිකයි
උන් හැමදාමත් වෙහෙසෙන්නේ අනුන්ගේ දුක ගැනමයි
දකින්නෙ කියන්නෙ කරන්නෙ ඇත්තම ඇත්ත තමයි
උන් පින් පාටයි – කරන්නෙ හොඳ වැඩමයි
ආයෙත් ඉපදෙන්නේ උන් දිවිය ලෝකයේමයි