ගේමක් දීලාgeemak dhiilaa

Gemak Deela

Lyrics

ගේමක් දීලා ගිය අවුරුද්දේ වැලිකඩ ඉඳලා එළියට ආවේ
මේ අවුරුද්දේ චන්දෙන් දිනලා හොරකම් කරලා ජීවත් වෙන්නේ
පාතාලයා මං ලොකුම පචයා මං
උඹලා බෝතලයට රවට්ටගත්ත මහත අයියා මං.....

ඉපදුනේ 92 ගෙදර කූඹි කැලේ
පොඩි සමන්ත කිව්වොත් දැන් ඔක්කොම උන් නැවේ
ඉස්කෝලේ ගියේ 5 වෙනකන් අම්මා තාත්තා රට යනකන්
මල් විකිණුවා ෂේප් එකේ පොලිසියට අහුවෙනකන්
ඇද්දා මාස 6ක් හිරේ කට්ට කෑවා හොඳට අනේ
පොලීසියෙන් ගැහුවම මට තරු පෙනුනා ඔළුව වටේ 
හ්ම්ම් එළියට ආවා මං සමාජයෙන් රිජෙක්ට් හින්දා 
මොකද කරන්නේ දැන්
අම්මට සිරි මෙතන තිබ්බ ලෑලි ගෙදර කෝ
ලෑලි ගෙදර නෑ ඉඩම උගස් ගිහින් දැන් too late ඉතින් 
ජොබ් කට්ට නෝ ඉතිං මන්ත්‍රීටවත් සෙට් වෙලා
කරමු උගේ වැඩ ඉතින් 
බොතල් කාලයි බත් පැකට් එකයි 
පෝස්ටරුත් ගැහුවම මට රුපියල් සීයයි 

මගේ කොල්ලෝ  call me සුදු my job selling කුඩු
When the cops come I scream අම්මට හුඩු
If you want weed මල්ලී I got the බඩු
රත්තරන් චේන් ඇන්ඩ් 5 or 6 මුදු
පොලීසියෙන් අපිට කියන්නේ වතාතමුල්ලේ හොරු 
කවදාවත් ඇත්ත නෑ අපි කියන්නේ බොරු
මන්ත්‍රීට සල්ලි නැත්නම් කන්න වෙන්නේ ටොකු
King of the වනාතයේ I’m very very ලොකු

මගේ නම අජිත් මම මෙඩිසින් කරේ
ආප්ප පුච්චලා යුනිවසිටි ගියේ
හාඩ්වෙයාර් එකේ වැඩ දැන් නෝ මනි පුතේ
ලෙඩින් ඉන්න අම්මට බෙහෙත් ගන්න සල්ලි නැතේ
පොඩි පොඩි ගේම් දීලා මම සල්ලි හොයන්නේ
මේ දවස් වල චන්දේ හින්දා ලොක්කට වැඩ කරන්නේ
වලි සීන් ආවම බොක්කෙන් බහින්නේ
අනිත් පිලේ කොල්ලෝ අපිව දැක්කම හයියෙන් දුවන්නේ
මට තියෙන්නේ බෝතල් හොඳට වත්තට බෙදන්න
බෝතල් වෙනුවෙන් ලොක්කට හොඳට කතිරේ ගහන්න කියන්න
මැරිච්ච අයගේ චන්දේ තියෙනවානම් මටම කෝල් කරන්න
(ආ මැගී අක්කා ඔය කාඩ් එකට මෙන්න මේක තියාගන්න...)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.