ගෙල වට බැන්දා වූ මුතු පොටේgela wata baendhaa wuu muthu potee

Gelawata Bandawu Muthu Pote

Lyrics

ගෙල වට බැන්දා වූ මුතු පොටේ 
දිස්නෙට මුහුණෙහි ඔප වැටේ
ඔසරි නෙරියට නළල් තිලකෙට 
බැන්ද සිතු පෙම ආනන්ද වේ

කෝකිල සංදේශ  කවි පොතේ 
ඔය වැනි උපමා ද තව ඇතේ
රුවැති ළඳකට තනිව මගතොට
යන්න නිදහස දැන් නෑ වගේ

සෙංකඩගලපුර පෝදා හඳ මෙනි 
මේ මුතු මැණිකේලා
දළදා සමිඳුන් වැඩ හිඳිනා බිම
නෑ සුබ නෑ ඕවා

කාගෙ කවුරුද ඉන්නෙ කොතැනද 
නෑ අපි හඳුනන්නේ
ආගන්තුක අපි ආවම කඳුරට 
නැතුවද පිළිගන්නේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.