ගීයෙන් ගයන්නෙgiiyen gayanne

Geeyen Gayanne

Music:
ෂර්ලි විජයන්තsharli wijayantha

Lyrics

ගීයෙන් ගයන්නෙ ඔබ ගැන පද වැලට සත්සරින්
ඒ ඔබ ගැන මහදේ ලියවුණු ආදරේ නමින්
මට මෙය කියන්න ඔබ හට හද සැලෙනවා ඉතින්
ගීයෙන් අහන්න සුහදේ අමතන්නෙ ආදරෙන්

පෑයූ ඉර තරු බැස යනවා කන්ද මුවාවී
ඒ මිහිකතගෙන් සමුගන්නට හෙට යලි ඒවී
ඒ ලෙසකින් හැකිනම් ඔබ මා සිතට මුවා වී
හිනැහෙන්න ළඳේ සැමදා අප සිත් සැනසේවී

ගීයෙන් ගයන්නෙ.../

පෑයූ ඉර සඳු එලියයි ඝණ අඳුර මකාලූ
ඒ සඳ තරු යට හමුවෙමු හද ගිමන නිවාලූ
පායන්න හැකිද සඳ සේ ඝණ අඳුර මකාලූ
ඒ සඳ තරු යට අපගේ පෙම් පවස නිවාලූ

ගීයෙන් ගයන්නෙ.../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.