Lyrics
ගීයක් ලියන්නේ කෙසේදෝ
කාටදෝ කා ගැනදෝ
ගීයක් ලියන්නේ කෙසේදෝ
පෑනයි පොතයි මාගෙ හිස් වූ හිතයි
නින්දෙන් වගේ අඩවන් වූ නෙතයි
සිතෙන්දෝ දකින්නේ නෙතින්දෝ මගේ
ලියා දෙන්න කවුරුත් නැතේ
මුහුදයි තෙරයි ඈත ආකාසයයි
තරුවයි සඳයි ඒ පරාදීසයයි
කොහෙන්දෝ පටන්ගන්නෙ අවසන් කරන්නේ
කියා දෙන්න කවුරුත් නැතේ