ගීතයක් සේ මතු වෙයන් නොසිතූ වෙලාවකgiithayak see mathu weyan nosithuu welaawaka

Geethayak Se Mathu Weyan Nosithu Welawaka

Lyrics

ගීතයක් සේ මතු වෙයන් නොසිතූ වෙලාවක
හීනයක් සේ පෑදියන් තනි වූ විරාමෙක //
මා හැර දමා ගිය මියුලැසී 

හෙට දිනත් පෙර මගක් අරමුණක් නැති ගෙවෙන දිවියේ
ඉසිබුවක් ලෙස හෝ
ගෙවුනු රසබර මතක මතු කර හිනැහියන්
මා හැර දමා ගිය මියුලැසී 

ගීතයක් සේ ....

හිනැහෙමින් වැලපෙමින් දුටු සිහින පෙම් පිරෑ සමයේ
සළකුණක් ලෙස හෝ 
පුරුදු ඉමිහිරි සිහින සමගින් දැවටියන් 
මා හැර දමා ගිය මියුලැසී 

ගීතයක් සේ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.