ගෙඩි සියයක් බිම හෙළුවත්gedi siyayak bima heluwath

Gedi Siyayak Bima Heluwath

Music:
ආනන්ද ගමගේaanandha gamagee
Lyrics:
සමන් ප්‍රියදර්ශනsaman priyadharshana

Lyrics

ගෙඩි සියයක් බිම හෙළුවත්
අපප්චිට එක ගෙඩියයි...//
අපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුණලයි හන්දියේ
පුංචි ලිදේ වතුරට නාඩන්න නංගියේ..//

ගස් සොලවා හමා ඇදෙන
සුළඟ තවත් මුරණ්ඩු වෙයි
හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේ
අප්පච්චී තුරු මුදුනේ හිඳින වංගියේ...

ගෙඩි සියයක්...

පියෙන් පියට ඉහළට යන
හැටි බලන්න බය හිතුනොත්
පුංචි දෑස තදින් පියාගන්න නංගියේ
මමත් එහෙම කලා මගේ පුංචි සංදියේ...

ගෙඩි සියයක්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.