ගෙදර යංgedhara yan

Gedara Yan

Music:
සුනිල් පෙරේරාsunil pereeraa
Lyrics:
චන්ද්‍රදාස ප්‍රනාන්දුchandhradhaasa pranaandhu

Lyrics

කෑව ඇතී බිව්ව ඇතී නැටුව ඇතී යං
ගෙදර යං ගෙදර යං ගෙදර යං
දැන් හොඳටම රෑ වෙලා
එළිවෙන්නත් ලං වෙලා
ගෙදර යන්කො කියලා නෝනා
ලෙඩේ අදිනවා
ඔයා නිකන් බයවෙලා මට නෑ තව වැඩිවෙලා
එහෙම කියලා මෙන්න බොලේ තව තව බොනවා
බීලා බීලා එලෙව්වාම පොලීසියට අහු උනාම
මල කෙළියක් වෙවි කියලා නෝනා අඩනවා
පොලිසිය මං දන්නවා ඕඅඉcඊ යාලූවා
ඇල්ලුවාට නෝ ප්‍රොබ්ලම් කිය කිය බොනවා
ගෙදර යන්න අර්ලි වැඩී කිය කිය බොනවා
ගෙදර යං ගෙදර යං ගෙදර යං

අපි එනකන් මඟ බලා බබාලා ඇති බය වෙලා
දැන්වත් අපි යන්නෙ නැද්ද නෝනා අහනවා
බලාගන්න බබාලා ගෙදර ඉන්නේ ආයලා
එහෙම කියලා මෙන්න බොලේ තව තව බොනවා
යාලුවො ටික සෙට් උනාම දෙකක් තුනක් දාගත්තම
ගෙදර නෝනවත් ඔහෙලට අමතක වෙනවා
ඉදල හිටලා මං බොන්නේ
ඇයි බොරුවට ගොරවන්නේ
හැම ගෑනිම ඔහොම තමයි කිය කිය බොනවා
ගෙදර යන්න අර්ලි වැඩී කිය කිය බොනවා
ගෙදර යං ගෙදර යං ගෙදර යං

බෑන්ඩ් එකත් නැවැත්තුවා පාර්ටි එකත් ඉවර උනා
දැන්වත් අපි යන්නේ නැද්ද නෝනා අහනවා
ඔයා ගෙදර යන් නැත්තන් මන් යනවා පික් මී එකෙන්
එහෙම කියලා ඔන්න නෝනා යන්නට යනවා
ඔන්න ගෙදර මතක් උනා මහත්තයගෙ වෙරි හිඳුනා
සද්ද නැතුව පූසා වගේ පස්සෙන් යනවා
පස්සෙන් යන ගමන් මිනිහා මෙහෙම කියනවා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.