ගෙදර බුදුන් කියලා ඔබෙ දෙපා වඳින්නgedhara budhun kiyalaa obe dhepaa wandinna

Gedara Budun Kiyala

Lyrics

ගෙදර බුදුන් කියලා ඔබෙ දෙපා වඳින්න 
තාත්තේ ඔබ මා ළඟ නෑ අද දැකගන්න 
පියෙන් පියට දුර යන්නට වාරුව දුන්න 
ඔබෙ සෙනෙහස කියලා බෑ ඉවරකරන්න

දිවා රැයේ සොයා බැලූ අප ගැන කරුණු 
අනාගතය ගැන කියලා දුන් මහ ලකුණු 
දොලොස් මහේ පහන වගේ දැල්වී නිවුණූ 
ඔබ සිහිවී හැඬුවා.... 
සිත වාවනු බැරුව...

කවා පොවා හදා වඩා දුක සැප විමසූ 
දයාබරව හිස අත ගෑ හිතකින් කුළුණු 
සොහොන් කොතේ නිදන ඔබේ සුවඳේ බැඳුණු 
ඔබ සිහිවී හැඬුවා... 
හිත වාවනු බැරුව...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.