Lyrics
(ගයන ගැයුම් - නටන නැටුම්
ඉවත හෙලයි - සෝක සුසුම්)..//
නිදන ලොවින් දවස උදා වී
සිහින මැදින් - සතුට සිනාවේ
නුරා දෙතොල් - උරා එයින්
සුරා බඳුන් - පුරා ගෙනේ
ගයන ගැයුම්....
හිරු ඇහැරී - බලන වෙලාවේ
සිහින මැදින් - සතුට නිමා වේ
හෙට උදයේ - හිරු එළියේ
සිහින ලොවේ - සැපත නිවේ
ගයන ගැයුම්....//
මන්ද රුදෙනු තවත්
මෙන්න උදය ඇවිත්
නින්ද නොලබන - අන්ධ අඳුරේ
ඇන්දු විදුලිය මෙන්
ගයන ගැයුම්....///