ගතින් නුඹ දුර ගියාgathin numba dhura giyaa

Gathin Nuba Dura

Lyrics

ගතින් නුඹ දුර ගියා
සිතින් තව ලං කළා
පැතුම් හිත රවටලා
උඩු සුළඟේ පා කළා

පලි ගත්තේ නෑ පලි ගන්න බෑ
දෙනු සමා ඇරෙන්න
ඒ තරම් පිවිතුරැයි
මගේ ආදරේ වත්කම

වැරදිච්ච තැන් ආයේ නිවැරදි කරන්
යහතින්ම ඔබ ඉන්න පතනවා තවත්
නොලැබිච්ච දේ නොමැත මට පාඩුවක්
සිදු වෙච්ච හැමදේම හොඳ පාඩමක්...//

හිතක් නෑ ආයේ නම්
වෙන හිතක් පතන්න
හොදටෝම මේ ඇති
රැවටුණා පැලෙන්න

ආ මගින් හැර වුනත්
හිතක් නැති ඔබටම
පෙම් කරපු හේතුව
දෛවයයි වස්තුව

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.