ගතින් මා ඔබ (ආදර නෙතු)gathin maa oba (aadhara nethu)

Gathin Ma Oba (Adara Nethu)

Music:
ප්‍රියන්ත නාවලගේpriyantha naawalagee
Lyrics:
හිරු සඳු තරු මුතු මද්දුමආරච්චිhiru sandu tharu muthu madhdhumaarachchi

Lyrics

ගතින් මා ඔබ දෙතැනකට 
කර කාලයේ ගඟ ගලාවී.. 
අපේ මතකය දෑල බිඳගෙන 
රිදුම් දී රැළි නඟාවී 
සිතෙන් මිදෙනා සුසුම් දවනා 
සිහිනයේ හුදකලා වී 
සිනාසෙන නෙතු එදා වගෙමයි 
මගේ සිත මට කියාවී 
(ආදර නෙතු... නෙතූ...
නෙතූ... ආදර නෙතූ...//)

ඔය බැල්ම දිග ගෙවා ආ දුර 
නුඹට දුර වැඩි උනා සේ 
කැළුම් සඟවන ඔබේ නෙතුයුග 
මෙමා මඟ හැර ගියාවේ 
ඔබේ හසරැළි මගේ සිත ලඟ 
ආදරෙන් දැවටුනා සේ 
කොහේ හෝ දිවි තුරා 
නොනිමී සෙනෙහසින් 
දැල් වුනා වේ 
(ආදර නෙතු... නෙතූ...
නෙතූ... ආදර නෙතූ...//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.