ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා හිනා වෙන්නgaata gaata aewidhin aes dheka wahalaa hinaa wenna

Gata Gata Awidin Es Deka Wahala Hina Wenna

Lyrics

ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා හිනා වෙන්න
ආදරේට කොනිත්තලා පෑල දොරින් පැන දුවන්න
රෑට රෑට ඉහ ඉද්දර කොඳුර කොඳුර කවි කියන්න
පාට පාට පන් පැදුරේ මටත් ටිකක් ඉඩ තියන්න 

හාල් ගරන්නත් පුළුවන් වතුර තියන්නත් පුළුවන්
ඇට්ටකුනා වෙන්නෙ නැතුව බතක් උයන්නම්
හොදි ඒදන්නත් පුළුවන් කුරු ගාන්නත් පුළුවන් 
අඩුගානේ කිරිහොද්දක් හදලා තියන්නම්

ගාට ගාට ඇවිදින් ....

මල් හිටවන්නත් පුළුවන් වල් ගලවන්නත් පුළුවන්
පහන් පැලක් වගේ ගෙදර සුවඳ කරන්නම්
හොදට අඬන්නත් පුළුවන් නාඩම ඉන්නත් පුළුවන්
ටික දොහොකින් දරු පැටියෙන් තැගි කරන්නම්

ගාට ගාට ඇවිදින් .....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.