ගස්සා බලලා යන්නේ හිච්චි කොල්ලෝ (බූට් සිංදුව)gassaa balalaa yannee hichchi kolloo (buut sindhuwa)

Gassa Balala Yanne Hichchi Kollo (Boot Song)

Music:
වී ප්‍රජීව්wii prajiiw
Lyrics:
ශෙහාන් ගලහිටියාවshehaan galahitiyaawa

Lyrics

ගස්සා බලලා යන්නේ හිච්චි කොල්ලෝ වෙයිද මෙල්ල
වැස්සේ නාලා වාගේ ඉස්සී කොණ්ඩේ බූසි කෙල්ල
බැල්මන් පාලා ඇයිදෝ කෙල්ලේ බෙල්ලේ එල්ලා තැල්ල
ඔච්චම් පාලා සල්ලම් වෙයිදෝ රෑනේ කොල්ලන් මෙල්ල
ඉඟි වසා දෑස... ලා දෙතොල රෝස 
නෑ කොල්ලෝ රෑනේ අවුල තැවුල 
ගැට පිච්ච මාල... රතු කොණ්ඩ බෝල 
රැවටිච්චි කොච්චි හිච්චි කෙල්ල
ගස්සා බලලා යන්නේ හිච්චි කොල්ලෝ වෙයිද මෙල්ල
වැස්සේ නාලා වාගේ ඉස්සී කොණ්ඩේ බූසි කෙල්ල

(වේන්ඩාම් ගෝපාල් වේන්ඩාම්)
මේ භාරි... නෑ කාරි... නෑ බේරි... මට ඉන්න දෙන්න
පාවී... හද යාවී... අපි නෑ සසල... 
හරි ගෝරි... අර ලේඩි... අපේ නාඩි... නෑ කිසිදා ගැස්සී 
නාරි... හරි ගෝරි... වංචාකාරි
(Tamil Rap)
රුව මවාන කියන්න මනසේ... අත වනාලා එයාලා රැවටේ
අයියෝ නැගඩින් මේ වගේ කැරකී 
රවටගන්න දවටගන්න ළඟට ගන්න බෑ.....
(Tamil Rap)

මේ ඇස් දෙක ඇස් දෙක ඇස් දෙක
ඇස් දෙක මානේ රඟාන... ඉඟ ගැස්සෙන තාලෙට දමාන 
රැඳෙන්න මාගේ පාමුල... අපි අනංගයෝ වාගේනේ
බොරු සංකර පානා හඬ නගා... අපි චංචල වෙන්නෑ කටු කකා
නයා විඩයිබර දණ ගගා... කොලු රෑන දෑස වසා
සංසාරේ පේන්න... ආවා මත් වීලා
අපි නෑනේ හැඬුවේ කිසිදා වීලා මාට්ටු
ඇස් මානේ චාටු... දැම්මාට පාඩු 
කොලු රෑනට නෑනේ හිත දෙන්නේ සාත්තු
ලණු කාපු කොල්ලෝ... බූට් කාපු කොල්ලෝ
දැන් YouTube Facebook like කරන්නෝ
පෙම නෑනේ කාන්දු... කොලු රෑනේ ආණ්ඩු
මේ කෙල්ලන් එක්කන් නෑනේ බින්දු

ගස්සා බලලා යන්නේ හිච්චි කොල්ලෝ වෙයිද මෙල්ල
වැස්සේ නාලා වාගේ ඉස්සී කොණ්ඩේ බූසි කෙල්ල
මේ භාරි... නෑ කාරි... නෑ බේරි.... මට ඉන්න දෙන්න
පාවී හද යාවී අපි නෑ සසල...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.