ගංඟාවේ ගීතේganngaawee giithee

Gangawe Geethe

Lyrics:
සුනිල් R ගමගේsunil r gamagee

Lyrics

ගංඟාවේ ගීතේ ගොළුවී ගියා දෝ
ඔබ මා හමුවේ
පෙම්බස් දොඩනා යුගය නිමාවේ

ඔබ මුව මඬලේ මුතු හිනා වගේ
දිය සරැලි ගඟේ ගලනා රඟේ
මතකයේ වෙලී පැටලේ
මල් බමර පැතුම විලසේ

ඒදණ්ඩ දිගේ පාපොඩිති නඟා
නෙත් තුඩු අතරේ හමුවී දොඩා
මා ළයේ සඳා නොමැකේ
අරවින්ද කැකුළ විලසේ
අරවින්ද කැකුළ විලසේ
ගංගාවේ ගීතේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.