Lyrics
ගඟට ඉවුරක් සේ රැක ඉන්නම්
කෙතට නියරක් සේ ළඟ ඉන්නම්
වැයෙන වස්දඬු රාවය වෙන්නම්
හමා එන පවනේ - හමා එන පවනේ
ලියනා කවි පෙළට එළිවැට වෙන්නම්
සිතුවම අඳිනා තෙළිකුඩ වෙන්නම්
ගයනා ගීයට පදවැල වෙන්නම්
රැඳී හද පතුලේ - රැඳී හද පතුලේ
සිතකට අරමුණ සේ දිස්වෙන්නම්
හදට අදිටන වී දිරි දෙන්නම්
අනාගතයට පෙර මඟ වෙන්නම්
දෙපා යට වැතිරී - දෙපා යට වැතිරී