Lyrics
ගාංඟා ඕ ඕ ඕ ඕ ඕ ඕ ඕ
ගංඟා ගලාලා ඇදිලා ගියා
කඳුළැලි සලාලා වියැකී ගියා
බැඳි ආදරෙන් වෙන්වෙලා තනිවෙලා
ගංඟා ගලාලා ඇදිලා ගියා
මිහිරියි අතීතේ අපගේ එදා
දැන්නම් දැනෙන්නේ දුකකි සදා
දෛවේ අපේ ඉටුවෙලා එළිවෙලා
ගංඟා ගලාලා ඇදිලා ගියා
ගැයු ගීතිකා නම් නෑසේ ප්‍රියේ
කී පෙම් වදන් වැල් ගොළු වී ගියේ
දෛවේ අපේ ඉටුවෙලා එළිවෙලා
ගංඟා ගලාලා ....