ගඟ ගලා යාදෙන්ganga galaa yaadhen

Ganga Gala Yaden

Lyrics

ගඟ ගලා යාදෙන් අතීතේ අතීතේ
උල්පතින් පැන නැග
ඉම නොදන්නා අනාගතයට
ගඟ ගලා යාදෙන්
නවතින්න ඔබ මේ තොටමුණේ

සරැලි හසරැලි මුවග නන්වා
වියරු බියකරු ගැඹුර හංගා
අයාලේ යන ගඟ ගලා යාදෙන්
නවතින්න ඔබ මේ තොටමුණේ
අයාලේ යන ගඟ ගලා යාදෙන්

නිලන කඳුවැටි නිම්න හැරදා
නිසරු නීරස සයුර සොයලා
මුලා වී යන ගඟ ගලා යාදෙන්
නවතින්න ඔබ මේ තොටමුණේ
අයාලේ යන ගඟ ගලා යාදෙන්

ගඟ ගලා යාදෙන් ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.