Lyrics
ගංගා දිය වැල් ගලා යන ලෙස ඉදිරිය බලා
බාධක හැම බිඳ හෙලා යමු යමු පෙරමුණ බලා...//
වන පෙත් හෙලි වේ රන් කෙත් සරු වේ
කම්හල් ඉදිවේ මේ දෙරණේ
ජන රජ දහනේ ජය දද හෙවණේ
අප අද බොන්නේ ජය පානේ
ගංගා දිය වැල්...
අළුයම අහසේ පායන හිරු සේ
පිබිදී හඬවා ජය සංකා
සව් සිරි සපුරා රන් කෙත් වපුරා
සුරකිව් සැමදා ශ්‍රී ලංකා
ගංගා දිය වැල්...//
යමු යමු පෙරමුණ බලා ///