ගඟ අද්දර මාganga adhdhara maa

Ganga Addra Ma(Remake)

Lyrics

ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනහී
හද සන්තක විය අනුහස් ආසිරි ගී
ඔබ හමුවේ මා මුව ගොළු වූවා
ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ
ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ
පිබිදුනි ආශා ගිනිසිළු සේ මා......

මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම් පවස නිවා
සංහුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන්දම්
ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හොවා
චමත්කාරයේ රන් රේඛා අප සැළෙන හදින් දුටුවා......

ගඟ ඉද්දර පෙම් තෙපුල් පවන් අතරේ
මන පුෂ්පිත මුදු සුපුල් සිනා විසිරේ
මා හද රහසේ බැඳුනා පහසේ
ගඟ දිය රැලි ඔබ නාඩන් කිසි දවසේ
ගඟ දිය සුළි මැද උණුසුම් සුව ගැවසේ
ඔබෙ රුව ඡායා සැඟවේ පායා.......

මල්සර දුනුවර.....

(ඔබේ රුව ඡායා සැඟවේ පායා.......//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.