Lyrics
ගාන තෙල් සඳුන් වරලස
පීරමින් බලන හැඩ රුව
නුඹම නොවෙද මට හිනැහුනු අහිංසකාවී..
අහිංසකාවී.. අහිංසකාවී..
කෝල මුතු සිනා දෙතොලග
පිසුනු රන් ලමැද ගෝමර
නුඹම නොවෙද හිත රජවුනු මහේසිකාවී..
මහේසිකාවී.. මහේසිකාවී..
සඳ හිනැහී එන යාමෙට
සුදු සඳ රැස් විලට බහින
සුනිල පියුම් පෙති නෙළමින
මාල ගොතා ගෙලේ බඳින
නුඹම නොවෙද මට හිනැහුනු අහිංසකාවී
නුඹම නොවෙද හිත රජවුනු මහේසිකාවී
වසන්තයේ හිරු හිනැහෙන
දිගන්තයේ මල් සුවඳින
දසන්තයේ සිත් පුබුදන
කාන්තියේ නෙත් දිදුලන
(නුඹම නොවෙද මට හිනැහුනු අහිංසකාවී
නුඹම නොවෙද හිත රජවුනු මහේසිකාවී..//)