ගං වතුර ගලාgan wathura galaa

Gan Wathura Gala

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha
Lyrics:
රෝහණ වීරසිංහroohana wiirasinha

Lyrics

ගං වතුර ගලා උතුරා යයි දෙගොඩ තලා 
පදිමු පදිමු ඔරුව පදිමු එතෙර බලා 
හෝ... ගාලා රැල්ල බිඳේ 
සුදට සුදේ රැළි නංවා ගලා බසී හඳ පානේ 

ගං වතුර ගලා...

ඉහල පහල පැද පැද යන තාලෙට නැට වේ නම්//
මිහිරි ගීත අඩුවක් නෑ ඔරුව පැදී යා නම් 
ගං වතුර ගලා...

ඔරු පැද පැද යන තැන මිහිරක් හමු වේ නම්//
කැමති නැද්ද යන්න ඔබත් එන්නකෝ එනවා නම් 
ගං වතුර ගලා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.