Lyrics
ගං ඉවුරට කියා යන්න නොඑනා බව ආයේ
දිය රැලි මත සුසුම් හෙලන පෙන කඳුලැලි වාගේ
ඇවිදින් කියා යන්න නොඑනා බව ආයේ
නොඑනා බව ආයේ
විපරම් කලත් මගෙන් ගඟ දිය හිස ඔසවා
සත්තයි නොදනිමි මම තව කියනුද මොනවා
ඇවිදින් කියා යන්න නොඑනා බව ආයේ
නොඑනා බව ආයේ
ගං ඉවුරට කියා යන්න ....
වෙනදා වගෙම රුවට මල් පිපෙනවා දැලේ
සිත නැහැ සිපගන්නට පෙති ගිලිහුනු හීනේ
ඇවිදින් කියා යන්න නොඑනා බව ආයේ
නොඑනා බව ආයේ
ගං ඉවුරට කියා යන්න ....