Lyrics
සිව් හෙළයේ ඉරු දෙවියෝ
මීන රැසින් මේෂ රැසට වඩින මඟුල් දා
බත සරු වී හෙළ ගොවියෝ
සිනහා සරින් කොවුල් ගීත පද මුමුණන දා
ගම්මැද්දේ අපේ පැත්තේ වරෙන් මලේ අවුරුද්දේ.......
අලුත් සඳක් අහසේ නැගී රබන් සුරල් දසත ඇසේ
එරබදු මල් කැකුළු පිපී කැවුම් කොකිස් සුවඳ දැනී
මල් වාරම් සවන් වැටී රුවැති ලියෝ නටන අගේ
ගම්මැද්දේ අපේ පැත්තේ වරෙන් මලේ අවුරුද්දේ.......
තානා නානානේනා තනා තම්දෙනා නා තම්දෙනා...
බුලත් අතින් දොස් දුරු වී නැති නෑකම් අලුත් වේ
සිනහා කැකුළු මල් පීදී නව වසරේ කිරි ඉතිරේ
අපේ කමින් රට සරු වී දහස් ගණන් සිත් ඉටුවේ
ගම්මැද්දේ අපේ පැත්තේ වරෙන් මලේ අවුරුද්දේ.......
ඔංචිලි චිල්ල මගේ වැල්ල දිගට නෙල්ලී කැලේ
කඩන්න බැරි කටු අකුලේ කඩා දියන් මගේ මලේ......
හිච්චි හැඟුම් හද පිබිදී ගතත් සිතත් නැවුම් වුණේ
ආල හැඟුම් සිත මතු වී හිච්චි නගෝ ඉඟි මැරුවේ
මඟුල් දොහේ සුභ පල වී අලුත් ඉරක් උදා වුණේ
ගම්මැද්දේ අපේ පැත්තේ වරෙන් මලේ අවුරුද්දේ.......
සිව් හෙළයේ.......