ගාමිණී පැරකුම් රජවරුgaaminii paerakum rajawaru

Gamini Parakum Rajawaru

Lyrics

ගාමිණී පැරකුම් රජවරු බිහි කල මගේ රට ලංකාවයි 
සීගිරි සිතුවම් ලොවටම ගෙනදුන් මගේ රට ලංකාවයි
යහමග සැම විට අප හට පෙන්නූ මගේ රට ලංකාවයි 
පෙරදිග මුතු ඇට නමගත් සිරිබර මගේ රට සිරි ලංකාවයි....

දවස පුරා සොමි බුදු රැස් විහිදෙන බුදු සිරිපා කන්දේ 
මෙත් කරුණා පෙන්නූ උතුමන් දෝත නඟා වැන්දේ
හැම හදවතකට උණුසුම දුන් එම සීතල කඳු මුදුනේ 
මගේ මුළු රටටම අලුත් ඉරක් පායන බව මට දැනුනේ...

සමනල මුදුනින් ඇරඹුණු ගමනින් බැස යන මහ ගංගා 
මගේ රට සරු කොට කෙත්වතු පසුකොට යයි ජය හඬ නංඟා 
කඳු යට සැඟවුණු මිණිකැට ඔපවී බැබළෙන සිරි ලංකා
අප රට අපගේ වගකීමයි අපි රැකගමු සිරි ලංකා.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.