Lyrics
ගමේ පන්සල අපේ පන්සල
අපේකම රැක්කා
අපේ දානේදී අපේ මරණේදී
අපේ ළඟ හිටියා...//
අපේ ගම වල අපේ දරුවන්
සසුන් ගත කරවා
නිවන් පුර වැඳ නිවී සැනහෙන
මාවතේ යැව්වා...
ගමේ පන්සල...
අපේ ජාතිය අපේ ආගම
අපේ බව කිව්වා
අපේ දෙස බස අපේ පන්සල
නිසාවෙන් රැකුණා...
ගමේ පන්සල...