Lyrics
ගම්භීර තෙදැති කොන්ස්තන්තීනුපුරේ
කොන්ස්තන්තීනුපුරේ
පුර වර්ධන කරන අග නරනා මේ මම්...//
නාමය මං අලිසන්දිරී//
මම ධර්මෙන් මෙපුර පාලන කරමින්නේ
ධර්මෙන් මෙපුර පාලන කරමින්නේ
ඉන්නේ මැදුරෙ ප්‍රීතිය විඳිමින්නේ//
එහෙම උනාත් මෙමට ඇත ලොකුම දුකාක්
මෙමට ඇත ලොකුම දුකාක්
කරකාරියක් නැතුව සිත නොමැත සැපාක්//
එය විසඳාගන්නා ලෙසා...//
මගෙ මන්ත්‍රී කැඳවා මම
පහදා කියමි එය//
නොමැත ලඳක් මෙහෙසිය ලෙස ගන්නට...//
ගම්භීර තෙදැති...//