ගමට වැඩ ඇතිgamata waeda aethi

Gamata Wada Athy

Lyrics

ගමට වැඩ ඇති ගමේ ඉඳිවුණ පුංචි ආවාසේ
අපේ හිමිවරු විඳිනවා දුක් කටුක කටු වාගේ
සෙයිලමේ මහ තුසිත දෙව්ලොව  සදිසි මහ වෙහෙරේ
වැඩ හිඳි අපේ මහා හිමිවරු ලබා සුව සහනේ

කල් ගෙවා එන පෝය පුරසඳ දියෙන් නැහැවෙන්න
සදාකල් පින් පුරා පව් හැර නිවන් පුර යන්න 
ගමත් හදලා බණත් කියලා ගමේ වැඩ ඉන්න
දුගී දුප්පත් හිමිවරුන් බලාවත් යන්න

නැව් නැගී එන කාසි මහ කඳු වලින් වැඩගන්න
මහා පන්සල් මහා කප්රුක් ටිකක් සොලවන්න
කිසිත් නොලබා තැවුල් ඉවසා ගමේ තව ඉන්න
දුගී දුප්පත් මිනිස්සුන්ටත් ඉනාවක් දෙන්න

ගමට වැඩ ඇති ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.