ගමට කලින් හිරුgamata kalin hiru

Gamata Kalin Hiru

Music:
සුනිල් දයානන්ද කෝනාරsunil dhayaanandha koonaara
Lyrics:
සුනිල් දයානන්ද කෝනාරsunil dhayaanandha koonaara

Lyrics

ගමට කලින් හිරු මුළුතැන් ගෙට වඩිනා
ඒ හිරු එළියේ නැන මල් පොඩි පිපුණා
ඒ මල් සුව‍‍‍‍ඳේ අද ලොව් තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා…

රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු
සිත නෑ නිවන් දකින්නේ
රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත්
නෙත නෑ නිදි විඳගන්නේ
හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන
නින්දේ සිහින දකින්නේ
මහමායාවනි කවදාදෝ ඔය නෙත්
දරු සෙහෙහසින් මිදෙන්නේ…

වෙල් දෙණිවල ඇවිදින දෙපා රිදෙන විට
විහඟ ගීත බණ පද වේවා
බෝ මළුවක ඇවිලෙන පහන් වැටක් සේ
තුන් සිත නිවී සැදේවා
මතු උපදින සසරේ විශාකාව වී
මෙත් මග නෙත් හමුවේවා
ඇත් රැජිණියනේ ඔබෙ නැළවිලි ගීතය
ලොවම නිවන කවියක් වේවා…

ගමට කලින් හිරු....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.