ගමන් මගක් තිබුණාදgaman magak thibunaadha

Gaman Magak Thibunada

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha

Lyrics

ගමන් මගක් තිබුණාද මේ 
ප්‍රේම චාරිකාවේ.......
ගිමන්හලක් හමුවේද මේ 
ප්‍රේම චාරිකාවේ.......

නෙතින් ගැලූ කඳූළින් මිදෙන්නට
හිතේ සුසුම් ගිනිදැල් නිවා
ඔබයි මමයි හැමදා හිඳින්නද
ඉරයි හදයි  මියෙනා තුරා
අපේ පෙම් ලෝකයේ

ගමන් මගක් තිබුණාද මේ 
ප්‍රේම චාරිකාවේ.......
ගිමන්හලක් හමුවේද මේ 
ප්‍රේම චාරිකාවේ.......

ගමන් මගක් විමසා බලන්නට
කෙනෙක් නොවී නෙත්මානයේ
ඔබත් මුලාවිය මමත් මුලාවුණු
ඉමක් කොනක් නැති මාවතේ
විරහ පෙම් මාවතේ

ගමන් මගක් තිබුණාද මේ 
ප්‍රේම චාරිකාවේ.......
ගිමන්හලක් හමුවේද මේ 
ප්‍රේම චාරිකාවේ.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.