ගලනා සීත ජලේ දිලෙනා නිලට නිලේgalanaa siitha jalee dhilenaa nilata nilee

Galana Seetha Jale

Lyrics

ගලනා සීත ජලේ දිලෙනා නිලට නිලේ
ගලනා සීත ජලේ දිලෙනා නිලට නිලේ 
ඔබ නොදන්න ගී ගයා ගලාවී
තව තනිව ඉන්න බෑ කියා කියාවී කියාවී //
ගලනා සීත ජලේ 

අගලේ අගලේ මෙහි මිණිකැට ඇත වැහී
අගලේ අගලේ මෙහි මිණිකැට ඇත වැහී 
ගත හැකි ඔප දමා අපද මැණික් තාම
ගත හැකි ඔප දමා අපද මැණික් තමා 
නාග ලොවෙන් නාග ලියන්
සොයමු ඉතින් ගගෙහි ගිලීල

තව තනිව ඉන්න බැ කියා කියාවී කියාවී 
තනිව ඉන්න බැ කියා කියාවී කියාවී
ඔබ නොදන්න ගී ගයා ගලාවී ගලාවී 
ගලනා සීත ජලේ 

සුරලියො සුර කැලේ රගන සිහිල් ජලේ
සුරලියො සුර කැලේ රගන සිහිල් ජලේ
රීදි කදන් වගේ බිමට කඩන් හැලේ
රීදි කදන් වගේ බිමට කඩන් හැලේ 
එගොඩ ඉදන් ගග නොබලන් නානවනම් දියට වරෙල්ලා...

සිහල පොලවේ ඇල් දියත් සනීපයී
සිහල පොලවේ ඇල් දියත් සනීපයී
මෙහෙම බිමක ඉන්නටත් මනාපයි මනාපයි 
තරුණ හිතට සතුට දේ විනෝදයි විනෝදයි

ගලනා සීත ජලේ දිලෙනා නිලට නිලේ
ගලනා සීත ජලේ දිලෙනා නිලට නිලේ
ඔබ නොදන්න ගී ගයා ගලාවී ගලාවී 
තව තනිව ඉන්න බැ කියා කියාවී කියාවී //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.