ගල් අරණේ හැංඟෙන්නාgal aranee haenngennaa

Gal Arane Hangenna

Music:
H M ජයවර්ධනh m jayawardhhana
Lyrics:
කුලරත්න අරියවංසkularathna ariyawansa

Lyrics

ගල් අරණේ හැංඟෙන්නා උන් රහසේ ළඟ එන්නා
මා පුතු අල්ලන් යන්නයි නෑ එන්නට දෙන්නේ 
මා පුතු ළඟ ඉන්නේ නාඬා නිදියන්නේ...//

සඳුන් වනේ මල් නෙලනා සුරංගනාවෝ
සුවඳ හොවා ඇල් පවනේ පුතුට ගෙනාවෝ//

ගල් අරණේ...

සිඟිති නෙතේ කැකුලු මුවේ මැවෙන සිනාවේ
සසල ලොවේ නිමල සුවේ සිතට උදා වේ//

ගල් අරණේ...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.