ගැහැණියgaehaeniya

Gahaniya

Lyrics

නීල අබරේ තරු වටකර දිලෙන සද 
ආදර ගගුල නිහඩයි සද පහස ලැබ
පුදින කුසුම් පරවී යලි පිපෙනවද 
සුවදැති රෝස මලකි ගැහැනියගේ සිත

සියුමැලි ගතිය තිබුනත් සුවදැති රෝස මලේ
කටුවේ විස ඇති බව කුරුත් දනිති ලොවේ 
ගැහැනුන් කොතරම් සිටියත් අද රුවට රුවේ 
වරදේ නොබැදෙන ගැහැනුන් සිටිනවද ලොවේ

කාලය කා දමනා ආලයකට රැවටී 
යන්නට එපා ඔබ ගැහැනියකට රැවටී //

ගිනි සිළුවක් මෙන් හැම පැත්තට වනේනා 
ගැහැණිය ගින්නකි ගෑ උන උන තැන දැවෙනා 
එබැවින් ඔබ හැම මේ ඔවදන් සිතට ගෙන 
එබැවින් සමගින් විමසිල්ලෙන් ඉදනු මැන

කාලය කා දමනා ආලයකට රැවටී 
යන්නට එපා ඔබ ගැහැනියකට රැවටී //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.