ගඟුලැලි හැඩයි වස්සානය ආවාමgangulaeli haedayi wassaanaya aawaama

Gaguleli Hadai Wassanaya Awama

Lyrics

ගඟුලැලි හැඩයි වස්සානය ආවාම
සඳවත හැඩයි තරු අඹරේ පිපුනාම
සිහිනය දිගයි සිතුවිලි ලය රැඳුනාම
නුඹ මට දුරයි සංසාරේ මං තාම

රළපෙළ සැඩයි තනිකම හිත රැඳුනාම
මිරිඟුව ළඟයි කතරක සිත දිව්වාම
නුඹ මට දුරයි ගිම්හානේ හමුවීම 
සුසුමක දවයි සංසාරේ පැතුසේම
ගඟුලැලි හැඩයි වස්සානය ආවාම

කඩුපුල් සුවඳ ගලයි හැන්දෑ හිරු ගෙවුනාම
මතකයේ සුවඳ ළඟයි තුරුලේ ලය රැඳුනාම 
දෙනුවන නිසලයි නෙත් මානයේ උන්නාම
නුඹ මට දුරයි සංසාරේ මං තාම
ගඟුලැලි හැඩයි...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.