ෆර්මිනාfarminaa

Fermina

Music:
ඈ කණ්ඩායමae kandaayama
Lyrics:
විනෝදී පෙරේරාwinoodhii pereeraa

Lyrics

සියක් වසකින් අඩක හුදකලා කාර්තුව
ප්‍රේමයට පවරමී 
වහා ඇවිළී මියෙන හදවතක ස්පන්දනය 
සුසුමකින් නවතමී 
රකිනු බැරි එළිවැටක 
අකුරු ගැන නොසිතමී 
ෆර්මිනා…. නුඹ ප්‍රේමයට කවියකි 
ප්‍රේමයම කවියකි... 

මැග්දලේනා ඉවුරු දිය රළට මුහු වෙන්න 
පිරිමි කඳුලක් බර වැඩී 
කොහේ යනවද නොදැන ඔහේ පාවී ඇදෙන 
මාරුතය මොහොතකට නවතමී 
සියුම් වූ වෙණ තතක 
ජීවය අමුණමී 
ෆර්මිනා නුඹ ප්‍රේමයට කවියකි 
පර්යාය පදයකි... 

පටුනක් තරම් පටු ආදරේ සැකිල්ලක 
පිළිවෙලින් අතරමං වෙමී 
නිමි නොවන කතාවක මම ඉන්නෙ කොතැනකද 
නුඹ ලියූ අකුරකින් නොඅසමී 
ජීවිතය ප්‍රේමයේ එක් කුඩා කොටසකී 
නොදැන උන්නාට නුඹ 
ආලයත් කොලරාවකි 
ප්‍රේමයම කවියකි....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.