ඇය හෙමින් විත් එදාaeya hemin with edhaa

Eya Hemin With Eda

Lyrics

ඇය හෙමින් විත් එදා
මගේ හද අරන් ගියා
එය රැගෙන එයි සිතා
මම හිඳිමි මඟ බලා
මම හිඳිමි මඟ බලා //

මකරන්දයෙන් තෙමී
මල් රේණු සැලි සැලී //
ඇත පවන සිසාරා
ඇගෙ පහස පතාලා 

ඇය හෙමින් විත් ....

තණපත් වලින් මිදී
උඳුපියලායා පෙති //
දෙපතුල් පහස සොයා
ඇගෙ පෙරමගම හිඳී

ඇය හෙමින් විත් ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.