ඈත යමු සංසාරේaetha yamu sansaaree

Etha Yamu Sansare

Music:
ෂෙනාල් මද්දුමගේshenaal madhdhumagee
Lyrics:
චතුර රත්නායකchathura rathnaayaka

Lyrics

ආදරෙයි මං අහසේ තාරුකාවක් ඔයා 
ඈත යමු සංසාරේ මියැදිලා ඉපදිලා
ආදරේ කවියක් වගේ හීනයක් ළං කළා
දැන් ඔයා මගේ ජීවිතේ ඉන්න නුඹ හිනැහිලා......//

හීනයක් වගේ තාමත් ඈගේ ආදරේ
මල්සර ආදරේ සුවඳ වෑහෙනා නෙත් නුඹේ
සාගරේ වගේ ඊටත් වැඩිය ආදරේ දෙන්නම් 
ඉන්න මං ගාව ළං වෙලා මේ වගේ
සංසාරයේ අපි එදා ආදරෙන් ඉන්නැති
අපි ආයෙමත් මේ භවේ හමුවෙලා වෙන්නැති......

කාලයක් පුරා පරනා පාරමී කතා 
දැන්නම් ඇත්තමයි ජීවිතේ පුරා විඳිනවා
ආදරේ නිසා දුන්නලු ජීවිතේ පවා 
මට නම් ජීවිතේටත් වඩා ඔයා වටිනවා
සංසාරයේ අපි එදා ආදරෙන් ඉන්නැති
අපි ආයෙමත් මේ භවේ හමුවෙලා වෙන්නැති......

ආදරෙයි මං......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.