Lyrics
ඈත පෙනෙන තුරු වලල්ල මීදුමෙන් වැසේ
සුලං කැරලි කඳු අතරින් ගලා සිනාසේ
බලා සිටිමි ඇද හැලෙනා වැසි වසන්තයේ
නිහඬ උයන් තෙර බවුන් වැඩේ!
පිපාසිත ලොවෙන් ඈත්වෙලා
වැසි බිඳක් පවා අගේ වෙලා
සරාගික ලොවින් ඉවත් වෙලා
පුබුදුව සිතින් පහන් කලා
කුමාරියක් ලෙසින් සැරසිලා
ගලා හැලේ සිරස් ඉරිවෙලා
මලානික හදේ සමාවෙලා
සතුටු සුලං රොදක් රිංගලා