එරබදු කැකුළුerabadhu kaekulu

Erabadu Kakulu

Lyrics

රත් පැහැයෙන් පිපි එරබදු කැකුළු
අතු අග හිඳ කාටද මේ මුකුළු
පවසා අවුරුදු අසිරිය ලකළු
(පුතුටයි ඉඟි කරේ එරබදු කැකුළු......//)

මනමත් වස්දඬු රාවෙන් නොම බඳු
කවුරුද අමතන්නේ මත් කොවුලිඳු
කැවුම් කොකිස් ගෙනහින් නව අවුරුදු
පුතුට කියයි ගීයෙන් මත් කොවුලිඳු........

මුතු වන් අස්වනු සුවඳ ඇදී එයි
කවුරුන් වෙනුවෙන් බිස්සට ආවේ
පුතු ගත වඩවනු රිසියේ
රන් බැත සතුටින් බිස්සට ආවේ......

මිහිරිය සරසන මල් පියදිල්ලේ
කාට තැනුණිදෝ රන් ඔන්චිල්ලේ
සිහිකරමින් බක් මහා මංගල්ලේ
(පුතු වෙනුවෙන් සැරසෙයි ඔන්චිල්ලේ......///)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.