එපා කඳුලැල් සලාepaa kandulael salaa

Epaa Kandulal Salaa

Lyrics

(එපා කඳුලැල් සලා
හඬන්නට ඔබේ නෙත
මල් සුවඳ ගලා
සිප ගනී ඔබේ මුව...//)

(එපා සුසුමන් හලා
රිදවන්න ඔබේ හද...//)
සියොත් කැල ගී ගයා
(සතපවයි ඔබේ සිත...//)

එපා කඳුලැල් සලා
හඬන්නට ඔබේ නෙත
මල් සුවඳ ගලා
සිප ගනී ඔබේ මුව

(ආදර හැඟුමන් සලා‍
මිරිඟුවක වෙලෙන්නෙපා...//)
ඔබේ හද පුදසුනේ
(හිමි කුමරු එන තුරා...//)

එපා කඳුලැල් සලා
හඬන්නට ඔබේ නෙත
(මල් සුවඳ ගලා
සිප ගනී ඔබේ මුව...///)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.